ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 718 දෙනෙකු හඳුනාගත්බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මෙරටින් හමුවූ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව සිව්වන දිනයටයි.
ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 561777ක් දක්වා ඉහල ගියා.
මේ අතර පෙරේදා සිදුවූ කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(27)තහවුරු කරනු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහල ගියේ 14278ක් දක්වායි.