අද (08) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පැයක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ
පස්වරු 06 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව විවිධ ප්‍රදේශවල සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා
පසුගිය 03 වනදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටීමට ලක්වූ අතර
එය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා