අද (24) දින ක්‍රියාත්මක වෛද්‍ය නොවන වෘත්තීය සමිති ඒකාබද්ධ සංකේත වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ කිසිදු සහභාගීත්වයක් නොමැතිබව එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
තම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත්කල ඉල්ලීම් සියල්ල විසඳීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළා .