අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරින් සිදුකල සුවිශේෂී රාජකාරි ඇගයීමට ලක්කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා.
අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ තිබී හමු වූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රත්රන් තොගයක් සහ මුදලින් රුපියල් 4500ක් තිබු ගමන් බෑගයක් අයිතිකරුවන් සොයා බාරදුන් උඩමලුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් එස්.එම්.ඒ.සිරිපාල මහතා වෙත ඇගයීමක් වශයෙන් රුපියල් ලක්ෂ 02 ක මුදලක් මෙහිදී පිරිනැමුණා.
එමෙන්ම පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුව සැඩපහරට ගසාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ ජිවිත බේරාගැනීම අගයකරමින් රාජාංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් හත් දෙනෙකුට රුපියල් 96000 ක මුදල් ත්‍යාගයක් ලබා දීමද මෙහිදී සිදු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ