DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

අපේ ඉලක්කය 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමක් – රවුෆ් හකීම් – (VIDEO)

[post-views]

පළාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම පවත්වන ලෙසත් 13වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් අවශ්‍ය බවත්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා රජයට බල කර සිටිනවා

ඔහු මේ බව පැවසුවේ දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් අද(12) කොළඹදී හමුවූ අවස්ථාවේදී.

ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මේ හමුව පැවැත්වුණා

“රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය ගැන අපි කනස්සල්ලෙන් හා පිළිකුලෙන් බලන් ඉන්නවා.නව ව්‍යවස්ථාවක් ගේන්න පොරොන්දු වුණා.ඒ අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මැතිවරණයක් තියලා අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රියාත්මකවීම ඉතාමත් වැදගත් බව අපි අවධාරණය කරනවා.ඒ සදහා පුළුල් සාකච්ඡාවක් අද ඇති කරා.13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදා හැරීමක් පිළිබදව අපේ ඉලක්ක වලින් අපි ඉවත් වී නැති බවත් අපි අවධාරණය කරනවා”. යනුවෙන් ඔහු මෙහිදී පැවසීය

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest