DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

අපේ රටේ බහුතරයක් මාධ්‍ය ගිණි පත්තු කරනවා – ඩිලාන් පෙරේරා

[post-views]

ලෝකයේ බොහෝ රටවල ගිණි නිවන මාධ්‍යයක් තිබියදී ශ්‍රී ලංකාවේ බහුතරයක් මාධ්‍ය ගිණි පත්තු කරන බව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ හාලිඇල දික්වැල්ල වත්තේදී පැවැති ජන හමුවකින් අනතුරුවයි.

”අද ලෝකයේ බොහෝ රටවල ගිණි නිවන මාධ්‍යයක් තියෙද්දි අපේ රටේ බහුතරයක් මාධ්‍ය ගිණි පත්තු කරනවා.ද්වේෂය වපුරනවා.වෛරය වපුරනවා. දේශපාලඥයින් හප්පනවා.හාමුදුරුවරු හප්පනවා. සිංහල- දෙමළ හප්පනවා. මුස්ලිම්- සිංහල හප්පනවා. ඕක තමයි කරන්නේ.ඒ නිසා අද අපේ රට සදාචාරාත්මක වශයෙනුත්
බංකොලොත් වීගෙන යන්නේ.පාර්ලිමේන්තුවේ 225 ම එපයි කියලා මිනිස්සු කියනවා.ඒ වගේම බොහෝ මාධ්‍යත් එපා කියලයි මිනිස්සු අද කියන්නේ.ඒකයි අද මිනිස්සු වැඩිපුරම සමාජ මාධ්‍ය බලන්නේ.ටීවී බැලුවොත් බලන්න වෙන්නේ කුකුල් පොර.මේකෙන්අ ද මේ රටේ සංස්කෘතිය උඩු යටිකුරු වෙලා තියෙන්නේ.ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 225 ටම කියන්න උඹලට හරියට කරන්න බැරිනම්ප ලයව් ගෙදර කියලා.ඒ වගේම ‘ගිණි තියන’ මාධ්‍යවලටත් අපි කියන්න ඕනෑ ‘ගිණි නිවන’ මාධ්‍යයක් වෙන්න බැරිනම් පලයව් ගෙදර කියලා”.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest