මේවන විට ක්‍රියාත්මක තත්ත්වයේ සහ අහෝසි වී ඇති අමාත්‍ය ධූර පිලිබඳ විශේෂ වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.
එම වාර්තාව ඉදිරි සති දෙකක කාලය ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ජනාධිපතිවරයා වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීති විරෝධී බවට තීන්දු කර එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නා.