ඉන්දියාවේ දෙදින නිළ සංචාරයක නිරත මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(02) එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා ඊයේ(01) ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්.නිර්මලා සීතරාමන් මහත්මිය හමු වුණා.
එහිදී දෙරට අතර ද්විපාර්ශවික ආර්ථික සහයෝගිතා වැඩසටහන් තව දුරටත් වර්ධනය කර වැඩි දියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කර තිබුණා.