DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 17ක ලක්ෂ 2කට අධික පිරිසක් අවතැන්

[post-views]

දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 60,264 කට අයත් 2,12,060 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 25 ක් වාර්තා වී ඇති අතර අවතැන් වූ පවුල් 13,671 කට අයත් පුද්ගලයින් 50,166 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවල සහ ඥාති නිවෙස්වල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

බදුල්ල, නුවරඑළිය, මාතලේ, ගම්පහ, මුලතිව්, කොළඹ, වව්නියාව, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල, කෑගල්ල, කිලිනොච්චිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 38,298 කට අයත් 1,32,375 ක්.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest