තෙල්දෙණිය අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුවක පැමිණිලිකරුවකුගෙන් රුපියල් 10 000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් එම අධිකරණයේ අතිරේක රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
නඩු කටයුත්තකට අදාළ වත්කම් පරීක්ෂාවක් සිදුකර නඩුවේ පැමිණිලිකරුට වාසි වන ලෙස අධිකරණයට තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මෙම මුදල ඔවුන් තිදෙනා ලබා ගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වුණා.
තෙල්දෙණිය නගරයේදී අතිරේක රෙජිට්‍රාර්වරිය අදාළ මුදල ලබා ගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය හා අනෙක් සේවකයින් දෙදෙනා වැඩි දුර විමර්ශන සඳහා තෙල්දෙණිය පොලීිසියට භාර කෙරුණා
කමල් සුරවීර