ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති ගැටළු සාකච්ජා කිරීමට පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව කිසිදු අවස්ථාවක් මෙතෙක් ලබාදී නොමැති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර අනෙක් සහෝදර පක්ෂ සමඟ එක්ව නව සන්ධානයක් ආරම්භ කිරීමට අදාල මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සදහන් කළේ.