දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවනු ලැබූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද(18) යි.
එසේම අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු සඟමිත් තෙරණිය විසින් පැවිදී බව ලැබීමෙන් මෙරට කාන්තා පැවිද්ද ආරම්භ වුයේද අද වැනි උඳුවප් පුර පසොලොස්වක පොහොය දිනයකදී ය.