DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

අළුබඳුන ටෙස්ට් තරඟාවලිය| පළමු තරඟයෙන් ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

[post-views]

ඓතිහාසික අළුබඳුන ටෙස්ට් තරඟාවලිය යටතේ සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

අද දින තරඟය ආරම්භකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කාණ්ඩයම කඩුලු දෙකක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටියා.

තවත් ලකුණු 77ක් ලකුණු පුවරුවට එක්වන විට එංගලන්ත සියලු පිතිකරුවන් දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව දෙවැනි ඉනිම වෙනුවෙන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 297ක් රැස් කරගත්තා.

එංගලන්ත කණ්ඩායමට රැස් කරගත හැකි වුයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 19ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 89ක් ද ඩේවිඩ් මාලන් ලකුණු 82ක් ද රැස් කරගත්තා.

ලකුණු 20ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක කඩුල්ලක් දැවී ලකුණු 20ක් ලබාගෙන තරඟය ජයගත්තා.

තරඟයේ විරයා ට්‍රෙව්ස් හේඩ්.

අළු බඳුන ක්‍රිකට් තරඟාවලිය යටතේ දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය එළඹෙන 16වනදා ආරම්භ වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest