DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ඉංග්‍රීසි ඕඩයේ සිදු වූ දරුණුතම අනතුර වාර්තා වෙයි

[post-views]

ප්‍රංශයේ සිට ඉංග්‍රීසි ඕඩය හරහා බ්‍රිතාන්‍ය දෙසට යාත්‍රා කරමින් සිටි යාත්‍රාවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 31 දෙනෙකු පමණ ඊයේ(24) ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මිය ගිය පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු හා එක් දැරියක් සිටින බවයි සදහන් වෙන්නේ.

යාත්‍රාව මෙලෙස පෙරළීමට ලක්ව ඇත්තේ උතුරුදිග කැලායිස් වෙරළාසන්න ආසන්නයේදීයි.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා සදහන් කරන්නේ යාත්‍රාව පෙරළෙන අවස්ථාවේදී යාත්‍රාවේ සංක්‍රමණිකයන් 34 දෙනෙකු පමණ ගමන් ගනිමින් හිඳ ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 4 දෙනෙකු ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විපතට පත් පුද්ගලයින් සොයා ප්‍රංශ-එංගලන්ත එකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමට යාත්‍රා 3 ක් හා හෙලිකොප්ටර් යානා 3 ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ.

මෙය ඉංග්‍රීසි ඕඩයේ සිදු වූ දරුණුතම අනතුර බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest