ඉන්දියා – මියන්මාර දේශසීමා කලාපයේ රිච්ටර් මාපක 6.1 ක භූ කම්පනයක් අද අලුයම සිදුවී තිබෙනවා.
නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරයට සහ බංග්ලාදේශයේ චිතගොං වෙත ද භූ කම්පනය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාවේ අයිස්වාල් සිට කිලෝමීටර් 140 ක් පමණ දුරින්වූ මුහුදේ කිලෝමීටර් 12ක ගැඹුරින් භූ කම්පනය සිදුව ඇති බවට ඉන්දීය භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට විශ්වාස කරනවා.