ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව ස්ථිර නායකයා ලෙස රෝහිත් ශර්මා පත් කර තිබෙනවා.
ඒ හිටපු එක්දින නායක විරාත් කෝලි එක්දින නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුවයි.
ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචරයේදීත් ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවීමට නියමිතයි.
රෝහිත් ශර්මා ඉන්දීය කන්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන අතර ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේද නායකයා ඔහුයි.