ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පවසනවා.
බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳව උද්ගත වී ඇති තත්වයට හේතුව බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළ යෑමෙන් නිර්මාණය වී ඇති අවිනිශ්චිතතාවය සහ ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුද මෙම තත්ත්වයට හේතුව බවයි උවයිස් මොහොමඩ් මහතා පවසන්නේ.
භුමිතෙල් හිඟයක් ඇතිවුවහොත් ආනයන කර ජනතාවට බෙදාහරින බවත් උවයිස් මහතා වැඩි දුරටත් පවසනවා