ඉන්ධන ප්‍රවාහන කරන බවුසර් රථයක් ගිණිගත්හේන ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබෙනවා.
ඒ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේදී.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ සපුගස්කන්ද සිට කොටගල ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක්.
අනතුරටපත් බවුසර් රථයේ රියදුරු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මේ අතර බවුසර් රථයේ ඇති ඉන්ධන ඉවත්කර එය මාර්ගයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවා.