හයිටි රාජ්‍යයේ, කැප් හයිටියන් නගරයේ, ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් හැට දෙදෙනෙකු පණ පිටින් පිළිස්සී මිය ගිය බව විදෙස් මාධ්‍ය ඊයේ(15) වාර්තා කළා.
පිපුරුමට හසුවීමෙන් තුවාල ලැබූ 80කට අධික පිරිසක් මේවන විටත් රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවත් එරට රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.
එසේම මියගිය පුද්ගලයින් වෙනුවෙන් හයිටි රාජ්‍ය දින තුනක ශෝක කාලයක් නම් කර තිබෙනවා.