සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වලට හා අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු පළාතට බලපා ඇති ජලගැලීම් හේතුවෙන් මේ වනවිට පවුල් 12426 කට අයත් පුද්ගලයින් 46214 ක් පිඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ තත්ත්වය හමුවේ වැඩිම ආපදාවක් සිදුව තිබෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයටයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 11670 කට අයත් පුද්ගලයින් 43689 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවත් පවුල් 358 කට අයත් පුද්ගලයින් 1258 දෙනෙකු ආරක්‍ෂිත කඳවුරු 15ක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවා
වන්නි රොමේෂ් මධුශංක