කොවිඩ් වසංගතය හමුවේ රටවල් ලෝක්ඩවුන් කිරීම හේතුවෙන් එම රටවල් මේවන විට ආර්ථීක අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ හේතුවෙන් කලාපය තුල ක්‍රියාත්මක වන වෙළඳ ගිවිසුම් තවදුරටත් ශක්තිමත් කලයුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි හි ඊයේ (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
එමෙන්ම ඉන්දියාවට පසු පාකිස්තානය සහ බංග්ලාදේශය 2050 වර්ෂය වනවිට ලෝකයේ ප්‍රමුඛ ආර්ථික හිමි රටවල් බවට පත්වන බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.
“ඉන්දියාවට පසු පාකිස්තානය සහ බංග්ලාදේශය 2050 වර්ෂය වනවිට ලෝකයේ ප්‍රමුඛ ආර්ථික හිමි රටවල් බවට පත්වේවි. ඒ නිසා මේ කලාපය තුළ ක්‍රියාත්මක වන වෙළඳ ගිවිසුම් නොමැතිවුවහොත් අපි සියල්ලට වාසිදායක වන ආර්ථික සහයෝගීතාවක් පවත්වාගෙන යාමට නොහැකි වේවි.”