ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 742 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 562,520ක් දක්වා ඉහල ගියා.
මේ අතර පෙරේදා(27) සිදුවූ කොවිඩ් මරණ 27 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කරනු ලැබුවා.
එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු අයත්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,305 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.