කොවිඩ් වසංගතයෙන් පසුව ක්‍රිකට් තරඟයක් නැරඹීමේ අවස්ථාව මෙරට ක්‍රීඩාලෝලීන්ට අද(24) උදා වෙනවා.
ඒ සංචාරක කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයවන අද (24) දිනය 50%ක ධාරිතාවයෙන් යුත් ප්‍රේක්ෂක පිරිසකට විවෘත වීමත් සමග.
තරඟය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ තරඟය නැරඹීමට පැමිණෙන සියළුම ක්‍රීඩා ලෝලීන් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටීම අනිවාර්ය බවත් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නම් එන්නත් ලබා ගත් කාඩ්පත් පෙන්වීම අත්‍යවශ්‍ය බවත්ය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ(23) දිනයේදී තරඟය නියමිත වේලාවට කලින් නතර කෙරුණු නිසා අද දවසේදී තරඟය නියමිත වේලාවට පෙර ආරම්භ වීමට නියමිතයි.