ගෑස්වල සංයුතිය පිළිබද වාර්තාවක් ජාත්‍යන්තරය තුළ නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
දැනට වෙළඳපලේ පවතින ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලිය හැක්කේ ප්‍රමිති ආයතනය ගෑස් සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තා වලින් පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අද ( 29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
”අපේ ගෑස් සම්බන්ධ ප්‍රමිතිය, ප්‍රමිති ආයතනය මගින් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1998 දී . මෙහි ප්‍රමිතිය තියෙන්නේ බියුටෙන් ප්‍රොපෙන් සංයුතියක් ගැන සදහන් කරලා නෑ. පීඩනය තමා මනින ඒකකය. අද අපිට වෙළදපොළේ තියෙන ගෑස් වල ප්‍රමිතිය හරිද වැරදිද කියලා බලන්න තියෙන එකම ක්‍රමය ඒ ප්‍රමිතිය. දශක ගණනාවකට පස්සේ වර්තමානයේ ගෑස් පිලිබදව ප්‍රමිතියක් සකස් කිරීම පිලිබදව ක්‍රියාවලිය ආරම්භ කරලා මේ දැන්වීම ප්‍රසිද්ධ කරලා මහජන අදහස් විමසීමේ කටයුතු අවසන් කරලා තියෙනවා. එක්දහස් නවසිය හැටගණන් වල ඉදල ගෑස් පිළිබදව පරීක්ෂණ කරන්න නිත්‍යානුකූල රසායනාගාරයක් අපේ රටේ නෑ. මේ බියුටෙන් සහ ප්‍රොපෙන් සංයුතිය ගැන තියෙන ප්‍රශ්නය ප්‍රමිති ආයතනය සකස් කරන ලද ප්‍රමිතින්වල ඒ සංයුතියක් නැහැ.ඒ වගේම ප්‍රමිති ආයතනය සදහන් කරන්නේ ඒක අපේ රටේ වරදක් නෙවෙයි. ජාත්‍යන්තර ලෝකේ රටවල මේ බියුටේන් ප්‍රොපෙන් භාවිතය පිළිබද සංයුතිය පිළිබදව ප්‍රමිතිය නැහැ කියන එක. විශ්වවිද්‍යාලයේ යම් මතයක් තියෙනවා ඒ ප්‍රොපෙන් බියුටේන් සම්බන්ධව වැඩිවීම පීඩනයට බලපානවා කියලා. අපිට තාම මේ පිලිබදව අවසාන තීන්දුවක් තීරණයක් ගන්නබැහැ.”