DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ගෑස් පිපිරීම් වාර්තා වන්නේ උපාංග දෝෂ නිසා – ලාෆ් ගෑස් සමාගම (Video)

[post-views]

ගෑස් පිපිරීම් වාර්තා වන්නේ ගෑස් සිලින්ඩර වල පවතින දෝෂයක් නිසා නොව සිලින්ඩර වලට සවි කරන උපාංග වල පවතින දෝෂ නිසා බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කුලමිත්‍ර බණ්ඩාර මහතා අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ තම ගෑස් සිලින්ඩර සියල්ල හම්බන්තොට දී පරික්ෂාවකට ලක්කර වෙළඳපොළට නිකුත් කරන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින්ද මෙම ගෑස් වල ප්‍රමිතිය පිළිබඳව තක්සේරු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ ගෑස් වල පවතින ප්‍රොපෙන් හා බියුටේන් සංයුතිය වෙනස් කර ඇති බවට පළවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

මෙම සංයුතිය පිළිවෙලින් 20% ක් හා 80% ලෙස පැවතිය යුතු නමුත් එය 50% – 50% දක්වා වෙනස් කර ඇති බවට පසුගියදා පළවූ මත වෙනුවෙන් අදහස් පල කරමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙසාර ජයසිංහ මහතා මේ බව තහවුරු කළා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest