DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ගෑස් සංයුතිය ගැන කරුණු දැක්වීමට ලිට්‍රෝ සමාගමට හෙට දින තෙක් කල් ලබා දෙයි

[post-views]

ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම් දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස් සමාගමට හෙට දින තෙක් කල් ලබා දුන්නා.

ඒ ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී.

පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල යෝජනා කර සිටියේ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සහ එම සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව සහ දැනට වෙළඳපොලට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේදැයි විමසා සිටියා.

ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය මහතා අධිකරණයට දන්වා සිටියේ මේ පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට හෙට දින තෙක් කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම හෙට දින යළි කැඳවීමට නියම කෙරුණා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest