අධිකරණය භාරයේ පවතින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ අද පාඨලී චම්පික රණවක මහතාගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කලා.
එහිදී ඔවුන් ප්‍රකාශ කලේ තම සේවාදායකයා පෙබරවාරි මස විදේශ ගත වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සදහා අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙස ඉල්ලා සිටියා.
ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය භාරයේ පවතින චම්පික රණවක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහැරීමට නියෝග කළා.
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට පත් කිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට අදාළව චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක දී ඔහුට ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා