DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ඇප

[post-views]

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින බවයි.

දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පුද්ගලික සමාගමේ පරිගණක ඉංජිනේරුවරයා මෙලෙස ඇපමත නිදහස් කල අතර ඔහුගේ
විදේශ ගමන් තහනම් කරන බවත් විමර්ශන වලට බාධා කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කරනු ලැබුවා.

පැමිණිල්ල ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කර ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest