DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ටෙස්ට් තරගය අතරතුර දී ක්‍රීඩකයෙක් රෝහල් ගත කෙරේ

[post-views]

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේදි දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් වැදීමෙන් රෝහල්ගත කෙරුණු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලසානෝ ට පළමු ටෙස්ට් තරඟය අහිමි වීමේ වැඩි ඉඩ කඩක් පවතින බවට පැවසෙනවා

කෙසේවෙතත් මේ පිළිබදව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

මුලික ස්කෑන් පරීක්ෂාවෙන් පසු මේ වනවිට වැඩිදුර පරීක්ෂා කිරීම් සදහා කොළඹ පුද්ගලික ‍රෝහලකට මාරු කර යවා තිබෙන අතර ජෙරමි සොලසානෝ ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

යම් හෙයකින් ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකිවුවහොත් ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසර හිමි වනවා.

ජෙරමි සොලසානෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අද උදෑසන ටෙස්ට් වරම් දිනාගත්තා.

ඔහු කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 327 වන ක්‍රීඩකයායි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest