DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අරුම පුදුම පාර මාරුවීම – (වීඩියෝ සහිතයි)

[post-views]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක්, අතරමගදී නවතා , එහි රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් ත්‍රිවිධ 24 වෙත වාර්තා වනවා.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (22) උදෑසනයි.

මෙම බස් රථ දෙකෙන් එක් බස් රථයක් උදෑසන 6.30ට කඩවතින් පිටත්ව අම්බලන්ගොඩ බලා ධාවනය වූ බස් රථයක් වන අතර අනෙක් බස් රථය අම්බලන්ගොඩ සිට කඩවත බලා ධාවනය වෙමින් තිබු බවටයි තොරතුරු වාර්තා වන්නේ. .

පසුව මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ 24 අප කළ විමසීමකදී දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ බස් රථ අයිතිකරුවන්ගේ තොරතුරු ලබාගැනීම සදහා බස් රථ දෙකෙහි අංක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවයි.

කඩවත බලා ධාවනය වෙමින් තිබු බස් රථයේ සිටි මගියෙකු මෙම සිදුවීම මෙලෙස සිය ජංගම දුරකතනයෙන් මෙලෙස පටිගත කර තිබුණා.

එම දර්ශන පහතින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest