දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවට වර්තා වනවා.
අද සවස 7.35 ට පමණ කොත්මලේ සිට බියගම විදුලි සම්ප්‍රේෂනාගාරයට විදුලිය රැගෙන යන සම්ප්‍රේෂන මාර්ගයේ බිඳ වැටීමක් මේ තත්වයට හේතු වූ බව අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවා.
එමෙන්ම මහවැලි ජලාශ බලාගාරවලින් විදුලි ජනනය සිදුකිරීමද නතරවී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවා.