දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් හා දුම්රිය සමාන්‍යධිකාරීවරයා අතර මේ වනවිට සාකච්ඡාක් පැවැත්වෙනවා.
ඒ දැනට ක්‍රියාත්මක දුම්රිය සේවක වර්ජනයට අදාලව අවසන් විසඳුමක් ලබා ගැනීම සදහායි.
ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින් අද දහවල් 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියදුරු සහ දුම්රිය නියාමක සංගම් කිහිපයක් කටයුතු කර තිබුණා.
දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ අද සවස වනවිට දුම්රිය ධාවනය සමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවයි.
”අද සවස් වන විට මේ ගැටලුව විසඳගන්න උත්සහ කරනවා.මේ වන විට අපි වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡාවක් කරනවා.සවස කාර්යාල දුම්රිය ධාවනයට එක්කරන්න හැකිවන ලෙස තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා”