DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

දේශපාලන පෙරළියක් ඉදිරියේදී සිදුවනවා -එ.ජා.ප නියෝජ්‍ය නායක

[post-views]

ආණ්ඩු බලය වෙනස් කිරීමට විපක්ෂයේ පොදු සන්ධානයක් ඉදිරියේදී ගොඩනැගෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

ත්‍රිවිධ24 සමග අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මහතා පැවසුවේ ඉදිරියේදී දේශපාලන පෙරළියක් සිදුවන බවයි.

ඒ සදහා එක්සත් ජාතික පක්ෂය ,සමගි ජන බල වේගය පමණක් නොව ප්‍රගතිශීලි සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කරනු ඇති බව එ ජා ප නියෝජ්‍ය නායකයා පැවසුවා.

ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බැවින් ජනතා අපේක්ෂා බිඳ වැටී ඇති බවත් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමඟ ඉදිරියේදී ශ්‍රී ලංකාව තවත් ගැටලු ගනනාවකට මුහුණ දෙන බවත් ඒ ජා ප නියෝජ්‍ය නායකයාගේ අදහසයි.

සමගි ජනබල වේගය තම හතුරන් නොවන බවත් පොදු හතුරා වන ආණ්ඩුව පරාජය කිරීමට ඉදිරියේදී දේශපාලන පක්ෂ එක්ව තීන්දු ගනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා

-අසංක විජේසිංහ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest