DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

කුණු වූ අර්තාපල් අලෙවි කරන ජාවාරමක් වටලයි – (PHOTOS)

[post-views]

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 45,000 ක ප්‍රමාණයක් දඹුල්ල ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබෙනවා.

ඒ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිට ලැබුණු තොරතුරකට අනුවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් රටවලින් මෙරටට ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන ලද අර්තාපල් කන්ටේනර් රථ පිටින් කලක සිට මෙම ස්ථානයට රැගෙනවිත් ඇතිබවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එලෙස රැගෙන අර්තාපල් තොග නැවත සුද්ධ පවිත්‍ර කරමින් සූක්ෂම ලෙස අසුරා රට පුරා හෝටල්වලට අලෙවි කර තිබෙනවා.

දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා සදහන් කළේ මෙම ගබඩාවේ අයිතිකරුට කිසිදු බලපත්‍රයක්ද නොමැති බවයි.

ඒ අනුව මෙම ගබඩාවට මුද්‍රා තැබිමට දඹුල්ල මහනගර සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest