DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

[post-views]

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දිමුත් කරුණාරත්නයි.

යොවුන් ක්‍රීඩකයින් වන චරිත් අසලංක, චාමික ගුණසේකර, සුමින්ද ලක්ෂාන් හා කමිල් මිෂාර ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබීම ද විශේෂත්වයක්.

කළක් ජාත්‍යන්තර තරඟ වලින් ඈත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් ද 22 කු ගෙන් යුත් සංචිතයට ඇතුළත කර තිබෙනවා.

ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පුද්ගලික හේතුවක් මත මෙම ටෙස්ට් තරඟාවලියට සහභාගි වන්නේ නැහැ.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ලබන 21 ක් වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී ආරම්භ වනවා.

අද දින නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිත පහතින්

  1. දිමුත් කරුණාරත්න (නායක)
  2. ඇන්ජලෝ මැතිව්ස්
  3. දිනේෂ් චන්දිමාල්
  4. සුරංග ලක්මාල්
  5. විශ්ව ප්‍රනාන්දු
  6. ලහිරු කුමාර
  7. අසිත ප්‍රනාන්දු
  8. ප්‍රවීන් ජයවික්‍රම
  9. මිනෝද් භානුක
  10. පැතුම් නිශ්ශංක
  11. ධනංජය ද සිල්වා
  12. රොෂේන් සිල්වා
  13. චාමික කරුණාරත්න
  14. සුමින්ද ලක්ෂාන්
  15. දූෂ්මන්ත චමීර
  16. චරිත් අසලංක
  17. ඕෂධ ප්‍රනාන්දු
  18. ලක්ෂාන් සඳකැන්
  19. චාමික ගුණසේකර
  20. ලසිත් ඇඹුල්දෙණිය
  21. කමිල් මිෂාර
  22. රමේෂ් මෙන්ඩිස්

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest