නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කරනවා.
ඇය පවසන්නේ රෝගය බෝ වූ මුලාශ්‍රය සොයා ගැනීමට නොහැකි වීම මෙම තත්වයට හේතුවී ඇති බවයි.
“19 වනදා වනවිට අපි දැක්ක රෝගීන් සංඛ්‍යාව 4,508ක්, ඊට කලින් දවසේ 18 වනදා වන විට හිටියේ 4,325යි. රෝගීන් 180 ගානක වගේ වැඩි වීමක් අපි මේ දවස ඇතුළත දැකලා තියෙනවා.ඒ නිසා පැහැදිලිවම රෝගීන් වැඩිවීමක ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ.ඒ අනුව රෝගීන්ට රෝගය කොහෙන්ද බෝ වුණේ කියන මුලාශ්‍රය හොයා ගැනීමේ අපහසුතාවයකුත් ඇත්තටම පෙන්නුම් කරනවා. මෙහෙම බලනකොට මේ රෝගය සාමාජයේ බොහෝදුරට පැතිරිලා කියන එක තමයි හිතන්න පුළුවන් කාරණය.මේ වෙනකොට රජය උත්සව සඳහා දිලා තියෙන සීමාවන් ලිහිල් කරලා තියෙනවා. මේ රෝගය පාලනය කරගන්න හැමෝම මහජනතාව හැටියට හිතට ගන්න ඕනේ.”