ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදි දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් වැදීමෙන් රෝහල්ගත කෙරුණු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලසානෝ අද රෝහලෙන් පිටව යෑමට නියමිතයි.
ඔහු මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක වෛද්‍යවරුන්ගේ නිරික්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
ජෙරමි සොලසානෝ කොදෙව් කණ්ඩායම නවාතැන් ගෙන හෝටලය තුල ස්වයං නිරෝධායනය යොමු කර PCR පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිතයි.
ජෛව ආරක්ෂක බුබුලේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීම හේතුවෙන් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතෙක් කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලසානෝ ට ක්‍රිඩාංගනයට යෑමට හෝ කොදෙව් කණ්ඩායම සමග එක්වීමට හැකියාවක් නැහැ
වාර්තා වන අන්දමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජෙරමි සොලසානෝ වෙනුවට ශායි හෝප් ආදේශක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.
ඊට තරග තීරක රංජන් මඩුගල්ලේ මහතාගේ අවසරය ද හිමි වී ඇති බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය කළමණාකරු තහවුරු කර ඇත්තේ.