DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

පෙරලුනු බෝට්ටුවේ සිටි සරණාගතයින් අයිති බ්‍රිතාන්‍යයට ද ? ප්‍රංශයට ද ?

[post-views]

බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර සරණාගතයින් සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස දෙරට අතර අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇත්තේ පසුගිය 24 වැනිදා “ඩිංගි” බෝට්ටුවකින් ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට උත්සහ ගත් සරණාගතයින් 27 දෙනෙක් එම බෝට්ටුව පෙරළි මුහුදට බිලි වීමත් සමගයි.

අනතුරින් දිවි ගලවාගත් 30කට ආසන්න සරණාගතයින් පිරිසක් කුමන රට විසින් භාර ගත යුතුද යන්න පිළිබඳව දෙරට අතර මේවන විටත් සාකච්ඡා සිදු කෙරෙන බව විදෙස් මාධ්‍වල සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසන්නේ බ්‍රිතාන්‍යට අනවසරයෙන් පැමිණි සරණාගතයින් සියළුම දෙනා ප්‍රංශය විසින් භාරගත යුතු බවයි.

නමුත් ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් මහතා පවසන්නේ අනතුරු සිදුවූ ස්ථානය බ්‍රිතාන්‍ය දේශ සීමාවට වඩාත් ආසන්න බැවින් අනතුරින් දිවි ගලවා ගත් සරණාගතයින් බ්‍රිතාන්‍ය විසින් භාරගත යුතුව ඇති බවයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest