DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

පාලම් පාරුව පෙරළිමේ සිදුවීම ගැන පරීක්ෂණ

[post-views]

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගයන් 6 දෙනෙක් මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබෙනවා

පරීක්ෂණය පැවැත්වීම සඳහා පළාත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙන අතර කඩිනමින් පරීක්ෂණය පවත්වා අදාළ පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදුකළේ කවුරුන්දැයි යන කරුණු පිළිබඳව වහාම තමාව දැනුවත් කරන ලෙසද ආණ්ඩුකාරවරිය අවධාරණය කර තිබෙනවා.

ඊට අමතරව විශේෂ පොලිස් පරීක්ෂණයක්ද සිදුකරන ලෙස ආණ්ඩුකාරවරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නාය.

එම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ ඥාතීන් වෙත සිය දැඩි සංවේගය ප්‍රකාශ කරන බවද ආණ්ඩුකාරවරිය සඳහන් කර තිබෙනවා.

මේ අවස්ථාවේ ඉතා සන්සුන්ව කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලිමක්ද සිදු කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest