DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

පාලම් පාරු පදවන බහුතරයකට පුහුණුවක් නැහැ – කමිටු වාර්තාව

[post-views]

නැගෙනහිර පාලම් පාරු පවත්වාගෙන බහුතරයකට ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් නිසි පුහුණුවක් නොමැති බව ඒ පිළිබදව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් අනාවරණය වනවා.

මේ වාර්තාව සකස් කළ කමිටුව විසින් අද එය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය වෙත භාරදෙනු ලැබුවා.

එම වාර්තාවට අනුව මගීන්ගේ ගමනාගමනය අනාරක්ෂිත බවත් ඔවුන් පාරු භාවිතයේදී සියලු දෙනාම ජීවිතාරක්ෂක කබා පැළදිය යුතු බවත් දැක්වෙනවා.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල පාලම් පාරු 07 ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ පාරු 08 ක්ද ක්‍රියාත්මකයි.

අඩුපාඩු හඳුනාගත් පාලම් පාරු අදාළ ප්‍රාදේශීය සභාව මගින් නිවැරදි කළ යුතු බවයි නැගෙනහිර ආණ්ඩුකාරවරිය පවසන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙක්, නාවුක හමුදාවේ සමුද්‍ර ඉංජිනේරුවරයෙක්,පළාත් සභාවේ සහ ප්‍රාදේශීය සභාවල තාක්ෂණික නිලධාරින් මේ පාලම් පාරු පිලිබඳ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාව සකස් කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest