DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

පොඩි ලැසී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනවා – පොලිස්පති

[post-views]

රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාල කල්ලි නායක පොඩි ලැසී නැමැත්තා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නිකුත් කරන්නැයි ඉල්ලා ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම අද(13) කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

පොඩි ලැසීගේ රැඳවුම් නියෝගය මේ මස 15 වනදා අවසන් වීමට නියමිතයි.

ඉන්පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සම අද(13) අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන පෙබරවාරි මස 09 වනදා කැඳවීමට නියම කෙරුණේ.

ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු – උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest