පොහොර මිටියක් රුපියල් දස දහසක මුදලකට මිලදී ගැනීමට තමන්ට සිදුව ඇති බව මිණිපේ ව්‍යාපාරයේ ගොවින් පවසනවා.
ඔවුන් පවසන්නේ පවතින පොහොර හිඟයත් සමග වෙළඳුන් ඉතා වැඩි මිළට පොහොර අලෙවි කිරීමට පෙළඹී ඇති බවයි
මහනුවර දිස්ත්‍රික්කයට අයත් මිණිපේ ව්‍යාපාරය දෙවන පියවර තුළ පමණක් ගොවියන් 12,000ට අධික ප්‍රමාණයක් වගා කටයුතු කර තිබෙනවා
මිණිපේ ව්‍යාපාරයට ජලය නිකුත් කිරීම ඉකුත් 15 වැනිදා ආරම්භ කළ නමුත් පවතින පොහොර හිඟය නිසා ගොවින් කුඹුරු කිරීමට මැලිකමක් දක්වනවා.
මොනම හේතුවක් නිසාවත් අපිට පොහොර මිටියක් රුපියල් 10 000 ට අරගෙන කුඹුරු කරන්න බැහැ. කළු කඩෙන් පොහොර මිටියක් රුපියල් දහ දාහට අරගෙන ගහලා අපට අත පිහ ගන්න තමයි වෙන්නේ.මෙහෙම ගියොත් මිණිපේ ගොඩක් මේ කන්නයේ පුරන්වෙනවා.
මහියංගනය රංජිත් කරුණාවීර