බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අත්වූ ගැටුමකින් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ මේ වනවිට පැවති ගැටුම් කාරී තත්ත්වය සම්පුර්ණයෙන් පාලනය කර ඇති බවයි.
බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් ආරක්ෂාව මැද ඔවුන් ප්‍රතිකාර ලබන බවත් ඒකනායක මහතා පැවසුවා.
මෙම ගැටුම හටගෙන තිබෙන්නේ මඩකලපුව සියොන් දේවස්ථානයට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට රඳවා සිටින සැකකරුවන් හා තවත් රැඳවියන් පිරිසක් අතරේදැයි ත්‍රිවිධ24 කල විමසීමට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මේ සිද්ධියට සම්බන්ධයක් නොමැති බවයි.
-බදුල්ල පාලිත ආරියවංශ-