කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තමන් හිටපු ආණ්ඩුවේ මැති ඇමතිවරු සමග මත්පැන් පානය කළබවට කල චෝදනාව තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ තමන් සිගරට් අරක්කු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා පමණක් නොව මත්ද්‍රව්‍ය මර්දනය සදහා පුළුල් ජාතික වැඩසටහනක්ද ගෙන ගිය බවයි.
පසුගිය අඟහරුවාදා මේ ගරු සභාවේදී මගේ මිත්‍ර මහින්දාන්ද අලුත්ගමගේ මගේ නම සඳහන් කරමින් කළ කාරණා දෙකක් නිවැරදි කිරීම සඳහා මම මේ අවස්ථාව ලබාගත්තේ. එතුමාගේ කථාවේ එක් තැනකදී කියනවා මම ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලසීමව තුළ මගේ ආණ්ඩුවේ ඇමතිවරු සමග මම විස්කි බොමින් කටයුතු කළා කියලා. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ මම පිළිබඳව දන්න සෑම කෙනෙක්ම දන්නවා මම සිගරට් අරක්කු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් වාගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් ජාතික මර්දන වැඩසටහනක් ගෙන ගිය කෙනෙක්. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඒ නිසා ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.ඊළඟට දෙවන කාරණය තමයි මේ ගරු සභාවේදී එතුමා එදා කියලා තිබුණා මම ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පස්සේ නිල කාලය අවසන්වෙලා ගෙවල් තුනක් එකට එකතු කරලා මම ඒ ගෙදර පදිංචිවෙලා සිටිනවයි කයලා. මේ ගැන සමහර මධ්‍ය තුළත් කතාවක් ගියා මේ ගරු සභාවෙදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් ඒ කතාවම කියලා තිබුණා. මම ඒ අවස්ථාවේ සිටියේ නැහැ. මම සිටින නිල නිවාසය ලබාගත්තේ අද ඉන්න සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාගෙන්. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා තමයි ඇමතිවරයෙක් විදිහට ඒ නිල නිවාසයේ හිටියේ මම එතෙන්ට යන්න පෙර. මේ ගරු සභාවේ සම්මත වුණු ජේ. ආර් ජනාධිපතිතුමා විසින් සම්මත කළ 1984 ජනාධිපති හිමිකම් පනත යටතේ සඳහන් වෙනවා ජනාධිපතිවරයෙක් නිල කාලය අවසන්වී ගිය විට ඇමතිවරයෙකුට තියෙන සියලු දේ දිය යුතුයි කියලා. ඒ පනතේ සඳහන් වෙනවා. ඒ අනුව මට කලින් සිටි සියලුම ජනාධිපතිවරු නිවසක් ලබාගැනීම නිල කාලය අවසන් වූ පසු කරලා තිබෙනවා. මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී මම හිටපු ගෙදර තමයි මම ගරු මහින් මහින්ද රාජපක්ෂ මහතාට දුන්නේ. එතුමාගේ නිල කාලය අවසන් වූ පසු. එතුමා දැනුත් පදිංචිවෙලා ඉන්නේ එතන. චන්ද්‍රකා මැතිනියටත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට දුන්න ගෙවල්වල අද ඒ ජීවතුන් අතර ඉන්න අය සිටිනවා. මම ඉන්න නිවස ගෙවල් දෙකක් එක කරලා මෙතන පදිංචියට ඇවිත් තියෙන්නේ ඩී. බී විජේතුංග ගරු ජනාධිපතිතුමා. මේක වරද්දගෙන තමයි මේ විශාල ප්‍රචාරයක් ගෙනියන්නේ. “රණා දෙකක් නිවැරදි කිරීම සඳහා මම මේ අවස්ථාව ලබාගත්තේ. එතුමාගේ කථාවේ එක් තැනකදී කියනවා මම ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලසීමව තුළ මගේ ආණ්ඩුවේ ඇමතිවරු සමග මම විස්කි බොමින් කටයුතු කළා කියලා. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ මම පිළිබඳව දන්න සෑම කෙනෙක්ම දන්නවා මම සිගරට් අරක්කු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් වාගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් ජාතික මර්දන වැඩසටහනක් ගෙන ගිය කෙනෙක්. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඒ නිසා ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඊළඟට දෙවන කාරණය තමයි මේ ගරු සභාවේදී එතුමා එදා කියලා තිබුණා මම ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පස්සේ නිල කාලය අවසන්වෙලා ගෙවල් තුනක් එකට එකතු කරලා මම ඒ ගෙදර පදිංචිවෙලා සිටිනවයි කයලා. මේ ගැන සමහර මධ්‍ය තුළත් කතාවක් ගියා මේ ගරු සභාවෙදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් ඒ කතාවම කියලා තිබුණා. මම ඒ අවස්ථාවේ සිටියේ නැහැ. මම සිටින නිල නිවාසය ලබාගත්තේ අද ඉන්න සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාගෙන්. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා තමයි ඇමතිවරයෙක් විදිහට ඒ නිල නිවාසයේ හිටියේ මම එතෙන්ට යන්න පෙර. මේ ගරු සභාවේ සම්මත වුණු ජේ. ආර් ජනාධිපතිතුමා විසින් සම්මත කළ 1984 ජනාධිපති හිමිකම් පනත යටතේ සඳහන් වෙනවා ජනාධිපතිවරයෙක් නිල කාලය අවසන්වී ගිය විට ඇමතිවරයෙකුට තියෙන සියලු දේ දිය යුතුයි කියලා. ඒ පනතේ සඳහන් වෙනවා. ඒ අනුව මට කලින් සිටි සියලුම ජනාධිපතිවරු නිවසක් ලබාගැනීම නිල කාලය අවසන් වූ පසු කරලා තිබෙනවා. මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී මම හිටපු ගෙදර තමයි මම ගරු මහින් මහින්ද රාජපක්ෂ මහතාට දුන්නේ. එතුමාගේ නිල කාලය අවසන් වූ පසු. එතුමා දැනුත් පදිංචිවෙලා ඉන්නේ එතන. චන්ද්‍රකා මැතිනියටත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට දුන්න ගෙවල්වල අද ඒ ජීවතුන් අතර ඉන්න අය සිටිනවා. මම ඉන්න නිවස ගෙවල් දෙකක් එක කරලා මෙතන පදිංචියට ඇවිත් තියෙන්නේ ඩී. බී විජේතුංග ගරු ජනාධිපතිතුමා.මේක වරද්දගෙන තමයි මේ විශාල ප්‍රචාරයක් ගෙනියන්නේ. “