මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තව දුරටත් වැසි ඇතිවෙමින් පවතිනවා.
පවතින වර්ෂාවත් සමග හැටන්, නුවරඑළිය ඇතුලු ප්‍රදේශ රැසක අද (15) අලුයමේ සිට පැවති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මේ තත්වය හේතුවෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත්වන ලෙසයි පොලිසිය රියදුරන්ට දන්වා සිටින්නේ.