මහින්ද රාජපක්ෂ කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් තරගය අද තුරඟ තරග පිටියේදී රාත්‍රී 7.30ට පැවැත්විමට නියමිතයි.
අවසන් තරගය පැවත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් කණ්ඩායම් අතරයි.
ගෙවුණු දස වසරක කාළයේ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් කණ්ඩායම අවස්ථාවන් 03 කදී මුණ ගැසී ඇති අතර ඉන් අවස්ථා 2ක් සීෂෙල්ස් කණ්ඩායම ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම එක් ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරඟයක් ජය ගැනීමට අවස්ථාව හිමි වී ඇත්තේ වූ වසර 21 කට පසුවයි.
අවසන් මහා තරගාවලිය නැරඹීම සදහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියනෝ ඉන්ෆැන්ටිනෝ පැමිණෙන අතර තරගාවලියේ ශූරතාවය ඔහුගේ අතින් පිරිනැමීමට නියමිතයි.