බගවන්තලාව මහ එළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය ඉවුරේ අනවසරෙන් මැණික් ගරමින් සිටි තිදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සැකකරුවන් තිදෙනා අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මතයි.
සැකකරුවන් සමග ඔවුන් සතුව තිබු මැණික් ගැරීමට උපයෝගි කරගත් විදුලි මෝටරයක් ඇතුලු උපකරණ තොගයක් ඊයේ පොලිස් භාරයට ගැනුණා.
සැකකරුවන් පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර ඔවුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ගොනු කරන බව හැටන් පොලිසිය පැවසුවා.
හැටන් රංජිත් රාජපක්ෂ