DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

මිකී ආතර් ට සතුටුදායක සමුදීමක්

[post-views]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය අවසන් පුහුණුකාරිත්වය දැරූ තරඟය අද(03) ජයග්‍රහණයකින් නිමාව දුටුවා.

ඒ කොදෙව්වන් සමග ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමගයි
තරඟාවලියේ ජයග්‍රහණයත් තරංග 2-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තා.

තරඟයෙන් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක වෙමින් මිකී මෙලෙස පැවසුවා.

“ශ්‍රී ලංකාවේ රැඳීසිටිමින් මම කළ රාජකාරිය ඉතාම සුන්දර එකක්. ඒක විශිෂ්ට ගමනක්. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වසර 2ක් ඉතා දුෂ්කර ගමනක් තිබුණත් අද වනවිට එය ගොඩාක් ප්‍රතිඵලදායක වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතා දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ණවත් කරාවි. මේ වෙලාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්වත් අමතක කරන්න බෑ. ඔවුනුත් විශාල කැපකිරීමක් කළා. ඒ නිසා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා හොඳ තැනක තියෙනවා.ලංකාවේ ගතකරපු මගේ කාලය අමතක නොවන එකක් ”

                ඡායාරූප අනුග්‍රහය Sri Lanka Cricket ආයතනය

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest