DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

මුහුදේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙකු අතුරුදන්

[post-views]

වත්තල ප්‍රිතිපුර මුහුදේ අවදානම් ස්ථානයක දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්ව ඇතැයි වත්තල පොලීසිය පවසනවා.

සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුන් දෙදෙනකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සිසුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ ඊයේ(12) පස්වරුවේ මෙම අවදානම් ස්ථානයේ දිය නාමින් සිටියදි සිසුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

නාවික හමුදාව පොලීසිය එක්ව අතුරුදන්ව ඇති සිසුන් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර මන්නාරම කලපුවේ මෝටර් බෝට්ටු සවාරියක දෙමින් සිටි දෙදෙනකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 21-27 වයස්වල දෙදෙනකු බව පොලිසිය පවසනවා.

මෙම තරුණයන් දෙදෙනා තවත් පිරිසක් සමග ඊයේ (12) පස්වරුවේ මෝටර් බෝට්ටු සවාරියක නිරත වෙමින් සිටියදී ඔවුන් දෙදෙනා මුහුදට වැටී ඇති බවයි පැවසෙන්නේ.

අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු මෙතෙක් හමු වී නොමැති අතර පොලිසිය සහ නාවික හමුදාව මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest