මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉඳිරිපත් කල අයවැය යෝජනාවලිය තුළින් රාජ්‍ය සේවකයින්ට කිසිදු වරප්‍රසාදයක් ලබා නොදීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දන්වා තිබෙනවා.
රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බි.ඒ.පි.බස්නායක මහතා සදහන් කළේ රාජ්‍ය සේවකයින් මිලියන 1.5 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බවත්,ඉන් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් යැපෙන්නන් බවට පත්ව ඇති බවත් මේ අයවැයෙන් රාජ්‍ය සේවකයා කබලෙන් ලිපට වැටි ඇති බවයි.
භාණ්ඩ හා සේවා මිළගණන් ඉහළයාමට ප්‍රථමව රජයේ සංගණනයට අනුව සමාන්‍ය හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 58000ක මුදලක් අවශ්‍ය තිබු බවත් ඉහළ යන ජීවන වියදමට සාපෙක්ෂව රුපියල් 16000ක දීමනාවක් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඉදිරි සති දෙකක කාලය තුළ මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවුනහොත් ශ්‍රි ලංකා වෘත්තීය සමිති සම්මේලනය ප්‍රධාන වෘත්තීය සමිති සන්ධානය විසින් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් ඉන් ජනතාවට සිඳුවන අපහසුතාවයට රජය වගකිවයුතු බව රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.